මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් කෝටි තුනහමාරක ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාර්ගගත ක්‍රමයට මගී ආසන වෙන් කිරීමේ සේවාවට ඉදිරියේදී අලුතින් බස් රථ 200ක් එක් කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා එලෙස මාර්ගගත ක්‍රමයෙන් මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති අතර ඒ තුළින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලබා තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

sltb.eseat.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝඅංකය ඇමතීමෙන් 1315 මෙලෙස මගී ආසන වෙන් කර ගැනීමට හැකියාවක් පවතිනවා.