උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන ආශ්‍රය පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවය.

“මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා. ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා. මේ තත්ත්වය මදුරු කීටයන් වර්ධනය වීමට සුබදායක තත්ත්වයක්. උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරනවා. මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා…”