රාජ්‍ය සේවකයන්ගේ පවතින නිවාඩු දින ගණන කප්පාදු කිරීමට ආංශික කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවට තම සංගමය විරෝධය පල කරන බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ පවතින වියදමට සරිලන ආකාරයේ වැටුපක් රාජ්‍ය සේවකයන්ට නොමැති බවයි.
එසේම රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දේපල ණය නතර කර ඇති බවත් වැන්දඹු අනත්දරු වාරික කපා ගැනීම් ප්‍රමාණය ඉහළ දමා ඇති බවත් විභාග පවත්වා ශ්‍රේණි උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය ඉවත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
රජයේ සේවකයන්ගේ නිවාඩු දින ගණන වසරකට දින 25ක් දක්වා කප්පාදු කිරීම සඳහා මින් පෙර යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා.

