වසර 13කට පසු පසුගියදා නිකුත් වුණු ‘Grand Theft Auto 6’ (GTA 6) වීඩියෝ ක්රීඩාව ඉතිහාසයේ විශාලතම විනෝදාස්වාද නිකුතුව බවට පත්ව තිබෙනවා.
Sensor Tower වලට අනුව එහි පිටපත් මිලියන 24.5කට වඩා මේ වන විට අලෙවි වී ඇති අතර, එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.36ක ආදායමක් උපයා ඇත.
මේ වසරේ මේ දක්වා වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපටය වන ‘Spider-Man: Brand New Day’, සිනමාහල්වල ප්රදර්ශනය වූ මුළු කාලය තුළම උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් වනවා.
කෙසේවෙතත් GTA 6 හි නිර්මාතෘ වන ‘Rockstar’ සමාගම සහ එහි මව් සමාගම වන ‘Take-Two’, ක්රීඩාවේ අලෙවි දත්ත පිළිබඳ නිශ්චිත තොරතුරු ප්රකාශයට පත් කර නොමැති බව සඳහන්.

