ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාර්ගගත ක්රමයට මගී ආසන වෙන් කිරීමේ සේවාවට ඉදිරියේදී අලුතින් බස් රථ 200ක් එක් කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පවසනවා.
මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා එලෙස මාර්ගගත ක්රමයෙන් මගී ආසන 80,000ට ආසන්න ප්රමාණයක් වෙන් කරගෙන ඇති අතර ඒ තුළින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලබා තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
sltb.eseat.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝඅංකය ඇමතීමෙන් 1315 මෙලෙස මගී ආසන වෙන් කර ගැනීමට හැකියාවක් පවතිනවා.

