යුක්රේනය පළමු වරට දෙසැම්බරයේ නත්තල් සමරයි

යුක්රේනය මෑත ඉතිහාසයේ පළමු වරට දෙසැම්බර් 25 වන දා නත්තල සැමරීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනය මෙතෙක් කාලයක් සම්ප්‍රදායිකව භාවිත කරනු ලැබුවේ රුසියාවේ ජූලියන් දින දර්ශනය වන අතර එයට අනුව නත්තල් දිනය යෙදී ඇත්තේ ජනවාරි 07 වන දා වනවා.

කෙසේවෙතත් අනෙකුත් රටවල් අනුගමනය කරන ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව මෙවර නත්තල දෙසැම්බර් 25 වන දා සමරන ලෙස පසුගිය ජූලි මාසයේ දී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් නියෝග කරනු ලැබුවා.

ඔහු නිකුත් කරන ලද නත්තල් පණිවිඩයේ දක්වා තිබෙන්නේ සියලු යුක්රේන ජාතිකයන් සියල්ල එක්ව එකම දිනයක, එකම පවුලක්, එකම ජාතියක් සහ එකම රටක් ලෙස මෙවර නත්තල සැමරිය යුතු බවයි.

ඒ අනුව යුක්රේනයේ Odesa වරායේ ඉටිපන්දම් දල්වමින්, නත්තල් ගස් සරසමින් සහ ගව ලෙන් සකසමින් ඔවුන් නත්තල සමරා තිබෙනවා.

එසේම කියෙව් අගනුවර දේවස්ථානයේ ජර්මානු දේවගැති Wolfgang Heldt-Meyerding විසින් ප්‍රධාන දේවමෙහෙය මේ වසරේ දෙවන වරටත් පවත්වා තිබෙනවා.

Ukrainians decorate a Christmas tree near the Independence Square in Kyiv, Ukraine, 22 December 2023, with angels and hearts symbolizing the souls of people killed during the Maidan uprising in 2013-2014 and the armed conflict between Russia and Ukraine that started in February 2022

Children in traditional Ukrainian clothes sing carols during the Christmas celebration in Lviv, Ukraine on December 24, 2023

Catholic believer Lesia Shestakova and Orthodox believer Oleksandr Shestakov, who prepare to celebrate Christmas together on the same day for the first time, stand inside the Cathedral of St. Alexander before a service

Believers attend a Christmas Eve service at the St Michael's Golden-Domed Cathedral (Mykhailivskyi Zolotoverkhyi)

Ukrainian soldiers hold candles during a Christmas Eve service near the front line outside Kupiansk as Ukrainians celebrate their first Christmas according to a new calendar