ලබන වසරේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ www.srilankacricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවය.
එසේම ප්‍රවේශපත්‍ර කවුන්ටරය ජනවාරි 4 වන දින සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විවෘත කරනු ඇත.
තරගාවලිය විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3කින් සමන්විත වනවා.
එක්දින තරඟ ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වෙනු ඇති අතර විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය.
අදාළ නිවේදනය පහතින්,


