2004 සුනාමි ව්‍යසනයට වසර 19 ක් සපිරෙන හෙට දිනයේ ජාතික සුරක්ෂිතතා දිනය සමරනු ලබනවා.
ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් හෙට දිවයින පුරා පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ප්‍රධාන සුනාමි සැමරුම් උත්සවය ගාල්ල – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්, දේශපාලන නියෝජිතයින්, ආරක්ෂක ලේකම්වරයා ඇතුලු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෙට පෙරවරු 8.30 සිට 11.00 දක්වා පැවැත්වෙනවා.
2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ මෙම ව්‍යසනයෙන් 35,000 කට අධික පිරිසක් මියගොස් තවත් 5,000 කට අධික පිරිසක් අතුරුදන්වුණා.
එසේම හෙට සැමරෙන ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක්ද හඳුන්වාදීමට නියමිතය.
සුනාමි උවදුරු පිළිබඳ දැනුවත් කිරීමේ නව වැඩසටහනක් හෙට සිට අරඹන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජංගම දුරකථන හරහා නාද මාලාවක් ඔස්සේ මෙම දැනුවත් කිරීම සිදුකරන බවය.

