යුක්රේනය මෑත ඉතිහාසයේ පළමු වරට දෙසැම්බර් 25 වන දා නත්තල සැමරීමට තීරණය කර තිබෙනවා.
යුක්රේනය මෙතෙක් කාලයක් සම්ප්‍රදායිකව භාවිත කරනු ලැබුවේ රුසියාවේ ජූලියන් දින දර්ශනය වන අතර එයට අනුව නත්තල් දිනය යෙදී ඇත්තේ ජනවාරි 07 වන දා වනවා.
කෙසේවෙතත් අනෙකුත් රටවල් අනුගමනය කරන ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව මෙවර නත්තල දෙසැම්බර් 25 වන දා සමරන ලෙස පසුගිය ජූලි මාසයේ දී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් නියෝග කරනු ලැබුවා.
ඔහු නිකුත් කරන ලද නත්තල් පණිවිඩයේ දක්වා තිබෙන්නේ සියලු යුක්රේන ජාතිකයන් සියල්ල එක්ව එකම දිනයක, එකම පවුලක්, එකම ජාතියක් සහ එකම රටක් ලෙස මෙවර නත්තල සැමරිය යුතු බවයි.
ඒ අනුව යුක්රේනයේ Odesa වරායේ ඉටිපන්දම් දල්වමින්, නත්තල් ගස් සරසමින් සහ ගව ලෙන් සකසමින් ඔවුන් නත්තල සමරා තිබෙනවා.
එසේම කියෙව් අගනුවර දේවස්ථානයේ ජර්මානු දේවගැති Wolfgang Heldt-Meyerding විසින් ප්‍රධාන දේවමෙහෙය මේ වසරේ දෙවන වරටත් පවත්වා තිබෙනවා.






