චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත සංදර්ශන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රසාංගික සංදර්ශන ආදිය මහජන ප්‍රදර්ශනයේ දී අය කරන ගාස්තු සංශෝධනය කරමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් අකර තිබෙනවා.

ඒ අනුව මහජන ප්‍රදර්ශනය සඳහා පූර්ව ප්‍රචාරක පටය ද ඇතුළත්ව විදේශීය චිත්‍රපටයක් සඳහා වූ ගාස්තුව රුපියල් 40,000 දක්වා මෙන්ම, දේශීය චිත්‍රපටයක් සඳහා වූ ගාස්තුව රුපියල් 15,000 දක්වා ද ඉහළ දමා තිබෙනවා.

එසේම දීර්ඝ වේදිකා නාට්‍යයක් සඳහා ගාස්තුව රුපියල් 1500 ක් ලෙස ද, කෙටි නාට්‍යයක් සඳහා ගාස්තුව රුපියල් 750 ක් ලෙස ද සංශෝධන කර තිබෙනවා.