Dambulla Aura කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Galle Titans කණ්ඩායම සමඟ පැවති තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමඟ Dambulla Aura කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

ඔවුන් මේ වන විට සහභාගී වූ තරඟ 06 න තරඟ 04 ක් ම ජයග්‍රහණය කර ඇති අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 08 ක් ඔවුන් හිමි කර ගෙන තිබෙනවා.

එත් සමඟම මින් පෙර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි B-love Kandy කණ්ඩායම දෙවන ස්ථානයට සහ Jaffna Kings කණ්ඩායම තෙවන ස්ථානයට පත් වී තිබෙනවා.