විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්රසාංගික සංදර්ශන ආදිය මහජන ප්‍රදර්ශනයේ දී අය කරන ගාස්තු සංශෝධනය කරමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් අකර තිබෙනවා.
ඒ අනුව මහජන ප්‍රදර්ශනය සඳහා පූර්ව ප්රචාරක පටය ද ඇතුළත්ව විදේශීය චිත්‍රපටයක් සඳහා වූ ගාස්තුව රුපියල් 40,000 දක්වා මෙන්ම, දේශීය චිත්‍රපටයක් සඳහා වූ ගාස්තුව රුපියල් 15,000 දක්වා ද ඉහළ දමා තිබෙනවා.
එසේම දීර්ඝ වේදිකා නාට්‍යයක් සඳහා ගාස්තුව රුපියල් 1500 ක් ලෙස ද, කෙටි නාට්‍යයක් සඳහා ගාස්තුව රුපියල් 750 ක් ලෙස ද සංශෝධන කර තිබෙනවා.

