චීනයට බලපෑ ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වුණු නායයෑම් හේතුවෙන් පුද්ගලයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කිරිමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එසේම පාලම් සහ මහාමාර්ග වලට හානි සිදු වී ඇති අතර බොහෝ ප්‍රදේශවලට විදුලිය ද ඇණ හිට ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වසරේ ජූලි මාසයේ දී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 142 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට හදිසි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

