2027 අයවැය අද පාර්ලිමේන්තුවට

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කථාව අද (12) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය වනවා.

ලබන වසර සඳහා රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,992.77ක් ලෙසයි එහි දක්වා ඇත්තේ.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (13) සිට 20 වැනිදා දක්වා පැවැත්වේ.

20 වැනිදා පස්වරු 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

නොවැම්බර් 21 වැනිදා සිට දෙසම්බර් 14 වැනිදා දක්වා අයවැය තුන්වෙනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

තුන් වැනි වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් වෙන් කර ඇත්තේ මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 856.86ක් වනවා.