ඉන්දුනීසියාවේ උප ජනාධිපති ඉල්ලා අස්වෙයි

ඉන්දුනීසියාවේ උප ජනාධිපති ගිබ්රාන් රකබුමින් (Gibran Rakabuming) රාකා සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගීබ්රාන්ගේ 2024 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී භාවිතා කරන ලද අධ්‍යාපන ලේඛනයක් වලංගු නොවන බව ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුවයි ඔහු මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම තීන්දුව හේතුවෙන් ගිබ්රාන්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කිරීමට මග පෑදිය හැකි පාර්ලිමේන්තු මුලපිරීමකට සහාය දැක්වීමට නීති සම්පාදකයින් 100 කට වැඩි පිරිසක් ඉදිරිපත් වී තිබුනා.

කෙසේවෙතත් ගිබ්රාන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගත්තේ ද නැත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නැහැ.

සිංගප්පූරුවේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඇති ඔහු තම අධ්‍යාපනික සුදුසුකම් පෙන්වීමට ඉන්දුනීසියානු සමානතා සහතිකයක් භාවිතා කර ඇත.

ඉන්දුනීසියානු නීතියට අනුව උප ජනාධිපතිවරුන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසලක් හෝ ඊට සමාන උපාධියක් සම්පූර්ණ කර තිබිය යුතු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ගිබ්රාන් උපාධිය ලබා ඇති බව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් සොයා ගෙන නැති බව සඳහන්.