වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 19ක් දිවයිනට

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබෙනවා.

ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,912,233දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවල දැක්වෙන්නේ.

මේ අතර, නොවැම්බර් 1 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 512,026ක් වනවා.

එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත.