මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, කිරුළ, කිරුළපන, යන ප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා.
එම ප්‍රදේශවලින් මේ වසර තුළ ඩෙංගු රෝගීන් 3400 වාර්තා වී ඇත. එසේම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මෙම මාසයේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 165ක් වනවා.
වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය තවදුරටත් එම ප්‍රදේශ තුළ වැඩිවිය හැකි බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,7651 ඉක්මවා තිබෙනවා.

