කඩුගන්නාව මාර්ගයේ ගල්පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් වසා දැමුණු කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය කොටස යළි විවෘත කර තිබෙනවා.
නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල්පෙරළීම් අවදානම හේතුවෙන් එහි රථවාහන ධාවනයට ඊයේ බාධා පැමිණ තිබුණි.
ඒ අනුව එම මාර්ග ඊයේ (10) පස්වරුවේ සිට අද පෙරවරු 6.00 දක්වා වසා තැබුවා.
කඩුගන්නාව අසල ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් විසින් අද සිදුකිරිමට නියමිත බව සඳහන්ය.

