වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙන් වනවා.
ඒ අනුව එම දිස්ත්රික්කය තුළ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 22,502ක් වාර්තා වී තිබේ.
මේ අතර වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්රමාණය වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර ඒ අනුව එම මාසයේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්රමාණය 29,964කි.
එසේම නොවැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,577ක් වාර්තා වී ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝගීන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

