අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වීම සහ බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මගින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම වැඩිවෙමින් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අනුව ඉදිරි කාලයේදී දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අන්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම තත්ත්වය සම්බන්ධව එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ එම ප්‍රදේශවල මාර්ග භාවිත කරන රියදුරන්ද දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.


