ඇත් අතුරු සෙවණට කිරිපිටි අවශ්‍යතාවයක් නැහැ

ඇත් අතුරු සෙවණට කිරිපිටි අවශ්‍ය බවට මේ දිනවල හුවමාරු වන දැන්වීම තම දෙපාර්තමේන්තුව දැනුවත්ව හුවමාරු වන්නක් නොවන බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඇත් අතුරු සෙවණෙහි ප්‍රතිකාර ලබන අලි පැටවුන්ට හිඟයකින් තොරව, අවශ්‍ය ප්‍රමාණයට කිරිපිටි ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එබැවින් මුහුණු පොතේ හුවමාරු වන එම දැන්වීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් හෝ අනුදැනුම මත පල කරනු ලැබූවක් නොවන අතර එවැනි කිරිපිටි අවශ්‍යතාවයක්ද නොපවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ.