පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බවයි එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.
එසේම පොසොන් කලාප ආශ්රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතය.
මේ අතර මෙවර අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ඊයේ (27) දින වනවිට දන්සැල් 200කට අධික සංඛ්‍යාව ලියාපදිංචිවී ඇති බව චමිල් මුතුකුඩ මහතා කීය.
එම නගරය අවට ආහාර සෞඛ්‍ය සහ බෝ වන රෝග වැළැක්වීම පිළිබඳ විශේෂ ක්‍රියාවලියක් අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය අංශ මගින් කර ඇත.
අදාළ දන්සැල් පැවැත්වෙන සංවිධායකවරුන් සඳහා ඊට අදාළ උපදෙස් නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් ලබාදී තිබේ.
ඔවුන් ඒ අනුව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

