ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන දියත් කර ඇත.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වෙතොත්, ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දීමක් කර තිබේ.

