අද සිට 30 දක්වා බාර් වැසෙයි

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද සිට ලබන 30 වැනිදා දක්වා සියලු සුරාසැල් වසා තැබෙන බව,  සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි සියලු සුරාසැල්, ජූලි 2 වැනිදා දක්වා වසා තැබෙනු ඇත.

ඒ, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති පොසොන් සතිය හේතුවෙන් ය.

එම නියෝග කඩකරන සුරාසැල් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස, සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.