විශේෂ නිවාඩු දිනය හේතුවෙන් අද දිනයේ දී සෙනසුරාදා දිනයට ධාවනය කෙරෙන දුම්රිය පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 29 ක් හා උකුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 17 හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 33 ධාවනය කිරිමට නියමිතය.
එසේම කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 5 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 9 ක් මඩකලපුව හා ත්‍රිකුණාමල මාර්ගයේ ගමන් වාර 6 ක් ධාවනය වනවා.

