ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබෙනවා.
ඇය එළැඹෙන බඳාදා දක්වා මෙහි රැඳී සිටීමට නියමිතවයි.
ඇය ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලයේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ඇති බවත් සඳහන්ය.

