2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 401,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
ගත වූ කාලය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වන දින සටහන්ව ඇති අතර, එදින සංචාරකයින් 12,731ක් මෙරටට පැමිණ ඇත.
මෙම කාල සීමාව තුළ දී සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 70,880ක් වනවා.
එසේම බ්‍රිතාන්‍ය ජාතිකයින් 44,053 දෙනෙකු, රුසියානු ජාතිකයින් 36,949 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 28,332 දෙනෙකු සහ චීන ජාතිකයින් 22,309 දෙනෙකු පැමිණ ඇත.

