පාසල් උපකරණ මිල දී ගැනීමේ දීමනාව බැංකුවලට

පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6,000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේ.