ග්‍රාමීය මාර්ග 40 ක අද (01) සිට බස් රථ ධාවනය ආරම්භ කරන බව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යංශය පවසනවා.
ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.
එම ප්‍රදේශවල වෙසෙම ග්‍රාමීය ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් මෙම නව බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
සිසු සැරිය, ගැමි සැරිය සහ නිසි සැරිය වෙනුවෙන් වෙන් කල රුපියල් මිලියන 3300 ට අමතරව රුපියල් මිලියන 2000 ක් ඒ සඳහා වෙන් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

