අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය අද (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දිට්වා සුළි කුනාටුව හේතුවෙන් කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර කඩුපිටි ඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම නිසා මෙම මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට තිබුණා.
මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එසේම හලාවත දුම්රිය ස්ථානයේ දුම්රිය කට්ටල 05ක් ද සිරවී තිබූ අතර, ඒ හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනය නාත්තන්ඩිය දක්වා පමණක් සීමා කෙරුණා.
ඒ අනුව අද (29) සිට හලාවතින් පිටත්ව කොළඹ කොටුව දක්වා ධාවනය වන ප්‍රධාන කාර්යාල දුම්රිය කිහිපයක වේලාවන් පහතින්,


