මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කරමින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අයකෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
මෙය ලබන වසරේ ජුනි 26 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

