ප්‍රදේශ රැසක වායු ගුණාත්මක තත්ත්වය පහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් වාර්තා වෙනවා.

කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.