නත්තල හා නව අවුරුදු උදාවට සූදානම් වන ජනතාව වෙනුවෙන් අදත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රිසිරි සඳහන් කළේ මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට අදත් සැලසුම් කර ඇති බවය.
අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාද අද (26) දිනයේත් මගී අවශ්‍යාතවට සරිලන ලෙස ධාවනයට එක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

