අධිවේගයේ දිනක් තුළ ආදායම රුපියල් මිලියන 50 ඉක්මවයි

ඊයේ එනම් නත්තල් දිනය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක් ලැබී තිබෙනවා.

ඊයේ (25) දිනයේ වාහන එක් ලක්ෂ හතලිස් හයදහසක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මේ අතර නත්තල් දිනට පෙර දින ද අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පෙරේදා (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇත.

සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම, රුපියල් මිලියන 45ක් වන අතර එම දිනවල වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසක් ගමන් කරනු ලබනවා.