ගැබිණි මව්වරුන් සඳහා දෙන පෝෂණ දීමනාව අද සිට

ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදෙන රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට නියමිතව තිබෙනවා.

එම දීමනාව ලබාදීමේ සංකේතාත්මක උත්සවය අද පෙරවරුවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කෙරුනා.

පසුගිය නොවැම්බර් 30 වැනිදා තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා මේ දීමනාව ලබා දෙනු ලබනවා.