ඉඟිනිමිටිය සහ හුරුළුවැව ජලාශ වාන් දමයි

පුත්තලම ඉඟිනිමිටිය ජලාශයේ අද උදෑසන වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඉන් තත්ත්පරයට ඝන අඩි 1,000 ජල ප්‍රමාණයක් මුදාහැර ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එබැවින් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් හුරුළුවැව ජලාශය ඇතුළු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මහ වැව් කිහිපයක් තවමත් වාන් දමන බව හුරුළුවැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න ප්‍රකාශ කළා.

හුරුළු වැව තත්පරයට ඝන අඩි 379. 97ක ප්‍රමාණයක් වාන්දමමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.