ජපානයට රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෝරි සහ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් භූමිකම්පාව සිදුවී ඇත.

ඒ අනුව ජපානයේ ඊසානදිග වෙරළට මීටර් තුනක් (අඩි 10) ක් පමණ උස සුනාමියක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේ.