අද පස්වරුවේ ජපානයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම භූමිකම්පාව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.45 ට පමණ සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ජපාන කාලගුණවිද්‍යා අංශ විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කරනු ලැබුවා.
කෙසේවෙතත් දිවයිනට සුනාමි හෝ වෙනත් බලපෑමක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ

