අස්වැසුම නොවැම්බර් මසට අදාළ දීමනාව අද (13) දින ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිතව තිබෙනවා.
රුපියල් එකොලොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අට දහස් හත්සිය පනහක මුදලක් මෙලෙස බැර කෙරෙන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසන්නේ.
මුදල් බැරකෙරෙන ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව දාහතර ලක්ෂ පහලොස් දහස් හත්සිය තිස් අටක්.

