අමෙරිකාවේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කරන පනතට ට්‍රම්ප්ගේ අත්සන

අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කිරීම සඳහා වූ පනතට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන් කර තිබෙනවා.

එක්සත් ජනපද කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන මන්ත්‍රී මණ්ඩලය 222 ට 209 ක ඡන්ද ප්‍රතිශතයකින් මෙම පනත සම්මත කර ගනු ලැබුවා.

මෙම වසා දැමීම ආරම්භ කර දින 43 ක් ගතවී ඇති අතර මේ හේතුවෙන් ෆෙඩරල් සේවකයින් දහස් ගණනක් වැටුප් නොමැතිව, නිවාඩු නොමැතිව හෝ සේවයෙන් පහ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් මෙම යෝජනාව ෆෙඩරල් රජය යළි විවෘත කිරීම රිපබ්ලිකානුවන්ට විශාල ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ රටට වෛර කරන මිනිසුන්ට පමණයි එය විවෘත නොවී තිබෙනවා දකින්න ඕන” යනුවෙන්.