ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (17) දහවල් 12.30 සිට රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය වලංගු වනවා.
එහි දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ පළාත් සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ.

