දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

දකුණු පිලිපීනයේ Mindanao දූපතේ Caraga ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පනය Surigao del Norte සහ අවට පළාත්වලට බලපෑ බවයි.

භූමිකම්පාව ජෙනරල් ලූනා නගරයට කිලෝමීටර් 13 ක් (සැතපුම් 8 ක්) ගිනිකොන දෙසින් දේශීය වේලාවෙන් උදේ 7.03 ට පමණ සිදු වී තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නැහැ.