බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ඔන්ලයින් ලියාපදිංචි කිරීමේ පහසුකම

බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිවාර්ය කිරීමත් සමග ඒ සඳහා වෙබ් අඩවියක් හඳුන්වාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

https://wptaxi.net/ යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවයි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේ.

බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර මගී අවසර පත් නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව ඔහු පැවසුවා.

ඒ අනුව සියලුම ත්‍රිරොද රථ ඉහත සඳහන් වෙබ් අඩවියට පිවිස තොරතුරු ඉදිරිපත් කළ හැකි බවත් ඒ අනුව එම මොහොතේම අදාල ත්‍රිරොද රථ මහතුන්ට මේ සඳහා වේලාවක් ලබා දෙන බවත් එම වෙලාව අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වීමේ පහසුකම් සලසා දී ඇත.