අස්වැසුම දෙවන අදියරයේ පළමු දීමනාව අද

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසු කම් ලැබූ ප්‍රතිලාභින්ගේ ප්‍රථම අස්වැසුම් දීමනාව අද (30) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා.

මෙහි දී රු. 1,794,383,750.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 217,645ක් අතරේ බෙදා හැරීමට කටයුතු කළ බවයි සුබසාධක මණ්ඩලය සඳහන් කළේ.