කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල මේ බව දක්වා තිබෙනවා.
එය 2025 අගෝස්තු මාසය සඳහා 1.2%ක් ලෙස වාර්තා වී තිබුණි.
මේ අතර 2025 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 2.9% දක්වා වැඩි වී ඇත. 2025 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 2.0%ක් ලෙසය.
එසේම, 2025 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 0.7% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා වූ බව සඳහන්.

