පුහුණු සේවකයන් සඳහා ඇමරිකාව විසින් ලබා දෙන H-1B වීසා අයදුම්කරුවන් සඳහා වාර්ෂිකව ඩොලර් 100,000ක ගාස්තුවක් ගෙවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
එම නියෝගයේ සඳහන් වෙන්නේ මෙම ගෙවීම සිදු නොකළහොත් ඔවුන්ට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවයි.
එසේම ට්‍රම්ප් විසින් අලුතින් gold card එකක් ද හඳුන්වා දී තිබෙනවා.
මේ යටතේ ඇමරිකාවට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් සංක්‍රමණිකයින් සඳහා වීසා වේගයෙන් ලබා ගත හැකි වන අතර එහි ගාස්තුව පවුම් මිලියන 1 කින් ආරම්භ වනවා.
මෙම නියෝගය සැප්තැම්බර් 21 වන දා සිට බලාත්මක වීමට නියමිතයි.
තමන් සේවයට බඳවා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා රජයට වසරකට ඩොලර් 100,000 ක ගෙවීමක් කිරීමට තරම් වටිනාකමකින් යුතු කෙනෙක් ද යන්න එම තැනැත්තා සේවයට බඳවා ගන්නා සමාගම විසින් තීරණය කළ යුතු බවයි ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටින්නේ.
2004 වසරේ සිට, H-1B අයදුම්පත් සංඛ්‍යාව වසරකට 85,000 කට සීමා කර තිබෙනවා.

