ඩොලරය හමුවේ රුපියල 3.1%කින් පහළට

වසරේ ගතවූ කාලය තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% න් අවප්‍රමාණය වී තිබෙනවා.
 
මේ වසර ආරම්භයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297. 65කි.
 
ඊයේ (19) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305.80ක් ලෙස සටහන් වුණි.