පොලිස්පති WhatsApp අංකයට ලැබුණු පැමිණිලි 9,000 ඉක්මවයි

ඍජුවම පොලිස්පති කාර්යාලය සහ සම්බන්ධ වීමට ලබා දී ඇති WhatsApp අංකයට මේ වනවිට පැමිණිලි 9,000ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් ප්‍රකාශ කළා.

එම පැමිණිලිවලින් පොලිසියට අදාළ පැමිණිලි පිළිබදව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලු‍කාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 071 – 859 88 88 යන WhatsApp අංකය පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා.