ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනතට විරෝධය පළකරමින් විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති පසුගිය 4 වැනිදා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
එසේම කණ්ඩායම් වශයෙන් දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වු ඔවුන් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අදාල දින 02 කේ විරෝධතාවල ද නිරතවූණා.
මේ අතර විදුලිබල මණ්ඩල නව පනතේ අහිතකර ප්‍රතිඵලවලට එරෙහිව ඉදිරියටත් සටන් කරන බවයි විදුලිබල වෘත්තිය සමිති අවධාරණය කරන්නේ.
එසේම මේ සම්බන්ධයෙන් ජත්‍යන්තර කම්කරු සංවිධානය වෙත ද වාර්තා කරන බවයි ඔවුන් සඳහන් කරනවා.

