2025 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව අභියාචනා කැඳවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා හෙට එනම් 2025.09.09 වන දින සිට 2025.09.22 වන දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකිය.
මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic/index.php/clogin/ දරණ වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉදිරිපත් කළ යුතු වනවා.
2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය දා නිකුත් කළා.

